මුදල් වංචාව පිළිබඳව බිපාෂා කතා කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-29-ent-49

ලන්ඩන් නුවර පැවැත්වුණු මෝස්තර නිරූපණ සංදර්ශනයකට ඇරයුම් ලද සුරූපී නිළි බිපාෂා බාසු, අවසන් මොහොතේදී එයට සහභාගී නොවූ පුවතක් වාර්තා වී තිබේ. මෙම සිදුවීමෙන් පසුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ එම සංදර්ශනයේ සංවිධායකවරුන් පැවසුවේ බිපාෂා ඊට සහභාගී වීමට එකඟ වී ස්ටර්ලින් පවුම් 7,800ක මුදලක් ද ලබාගෙන ලන්ඩනයේ හෝටල් කාමරයකට වී සිටි බවයි. එදා ඔවුන් එල්ල කළ එම චෝදනාවට බිපාෂා බාසු උත්තර ලබා දී තිබේ. එහිදී බිපාෂා පවසන්නේ තමන් කිසිදු ‍මොහොතක කිසිවෙකුගේ පදයට නටන්නට සූදානම් නැති බවයි. මේ සම්බන්ධයෙන් ඇගේ සැමියා වන කරන් සිං ග්‍රෝවර් ද අදහස් දක්වා තිබුණි. මේ පිළිබඳව ප්‍රියංකා කියා සිටියේ, ඇය එම සංදර්ශනය සඳහා දායක වීමට එකඟ වී ඇත්තේ යම්කිසි කොන්දේසී කීපියක් ඔස්සේ බවත්, එම කොන්දේසි සඳහා ඔවුන් එකඟ වූ හෙයින් ඇය ලන්ඩන් බලා ගොස් ඇති බවත්ය. එහිදී ඔවුන් විසින් කලින් ගිවිස ගත් මුදලට වඩා අඩුමුදලක් ගෙවීමට සූදානම් වූ නිසාවෙන් ඇය මෙම නිරූපණ ප්‍රදර්ශනය සඳහා දායක වීම ප්‍රතික්ෂේප කළ බවද පවසා තිබේ.

ඇයට එල්ල වූ තවත් චෝදනාවක් වූයේ ඇගේ ලන්ඩන් ගමනේ සියලු වියදම් එම සංවිධායක මණ්ඩලය විසින් දැරූ බවයි. නමුත් බිපාෂා සඳහන් කරන්නේ, ලන්ඩනයට යෑම සඳහා සියලු වියදම් තමන් විසින් දැරූ බවයි.

 

 2017-03-29-ent-50