මීරා රාජ්පූත් ගැබ් ගෙන නැහැ
බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර්ගේ බිරිඳ මීරා රාජ්පූත් නැවත වරක් ගැබිගෙන ඇතැයි පසුගිය කාලයේ සිනමා මාධ්‍යය තුළින් වාර්තා විය. කෙසේ වෙතත්, මීරා රාජ්පූත් 'ඉන්දියන් ටයිම්ස්' පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබුණේ තමන් මේ වනවිට ගැබිණියක් නොවන බවය.
එමෙන්ම ඇය බොලිවුඩ් සිනමාවටද පසුගිය කාලයේ සම්බන්ධ වීමට උත්සාහයක් දැරු බව පවසමින් කට කතාවක් නිර්මාණය වී තිබුණ අතර, මීරා එයටද පිළිතුරු දෙමින් පවසා තිබුණේ බොලිවුඩ් සිනමාවට එක්වීමටද තමන් තුළ කැමැත්තක් නොපවතින බවය.