මීරා කලින්ම තායිලන්තයේ යයි
තායිලන්තයේ බැංකොක් නගරයේ පැවැත්වෙන ‘අයිෆා’ සිනමා සම්මාන උළෙලට සහභාගි විමේ අරමුණින් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර්ගේ බිරිඳ මීරා රාජ්පුත් තායිලන්තයට මේ වනවිට ගොස් ඇත. ‘ආයිෆා’ සිනමා සම්මාන උළෙල තවත් දින හතකින් පසුව පැවැත්වෙන අතර, ෂාහිඩ් කපූර් තවත් දින 5ක කාලයකින් පසුව මීරාව බැංකොක් නගරයේදී මුණ ගැසීමට සූදානමින් සිටියි.
මේ වනවිට පස්මස් ගැබිණියක් වී සිටින මීරා සිය දරුවා වන මිෂා හා පවුලේ ඥාතින් කිහිප දෙනෙකු සමගින් තායිලන්තයේ බැංකොක් නගරයට පැමිණ ඇත. ෂාහිඩ් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා එක්ව සිටින හෙයින් මෙම තායිලන්ත ගමනට එක් නොවු බව සඳහන් වේ.