මිළඟ සුපිරි විවාහය ‘අර්ජූන් - මලෙයිකා’ගේද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-23-ent-47

කාලයක් තිස්සේ රහසිගතව පෙම්වතුන් ලෙස කටයුතු කළ අර්ජූන් කපූර් හා මලෙයිකා ආරෝරා මේ වනවිට ප්‍රසිද්ධ පෙම්වතුන් ලෙස පෙනි සිටියි. පසුගියදා ඔවුන් දෙදෙනා ඉන්දියාවේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ විවාහ මංගල්‍යයකට මෙන්ම කරන් ජෝහර්ගේ ‘ස්ටුජන්ට් ඔෆ් ද ඉයර්’ චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹිමටද එකට පැමිණි සිටිනු දක්නට ලැබුණි. එමෙන්ම මේ වනවිට දෙපාර්ශවයේම ඥාතින් මෙම විවාහයට කැමැත්ත ලබාදී තිබෙන අතර, නුදුරේම ඔවුන් විවාහ වෙනු ඇතැයිද බොහෝ දෙනෙකු මත පළ කර ඇත.