මිළඟ සුපිරි විවාහය කාගේද?
සති දෙකක කාලයක් තුළදී බොලිවුඩයේ සුපිරි විවාහයන් ත්‍රිත්වයක් දකින්නට ලැබුණි. ඒ දිපිකා හා රන්වීර්, ප්‍රියංකා හා නික්, මුකේෂ් අම්බානිගේ දියණිය ඊෂා අම්බානිගේය. මෙම විවාහයන් තුනම ඉහළ වියදමක් දරමින් පැවැත්වු අතර, මුකේෂ් අම්බානිගේ දියණිය ඊෂාගේ විවාහය සඳහා තවමත් ගණනය කළ නොහැකි මුදලක් වියදම් කොට තිබෙන බව සඳහන් වේ.
මෙම විවාහයන් තුනම මේ වනවිට නිමාවට පත්ව තිබෙන අතර, බොලිවුඩයේ මෙන්ම ඉන්දියාවේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ මිළඟ සුපිරි විවාහය පවත්වනු ලබන්නේ කා වෙනුවෙන්දැයි යන්නය. අර්ජුන් - මලේයිකා යුවළකගේ විවාහය ඉතා ඉක්මණින් සිදුවෙන ඇතැයි රාවයක් පැතිරෙන අතර, වරූන් ධාවන් හා නටාෂා දලාල් දෙදෙනාද මේ වනවිට සිය විවාහය සූදානමින් සිටින බව සඳහන් වේ. රන්බිර් හා ආලියාද මේ වනවිට පෙම්වතුන් වන නමුදු ඔවුන්ගේ විවාහයට තවමත් දිනයක් නොමැති වීම හරහා මිළඟ සුපිරි විවාහය ඔවුන්ගේ නොවන බව බොහෝ දෙනෙකු දනී.