මිළඟ ‘ස්පයිඩර් මෑන්’ කොටස් දෙකක්
ලබන වසරේ තිරගත වීමට නියමිත ‘ස්පයිඩර් මෑන්’ චිත්රපටය කොටස් දෙකකින් සමන්විත එකක් බව ‘මාවල්’ චිත්රපට සමාගම පවසා සිටියි. මෙහි මුල් කොටසේ වැඩ කටයුතු මේ වනවිට බොහෝ සෙයින් අවසන්ව ඇති නමුදු දෙවැනි කොටසේ වැඩ කටයුතු තවමත් සැළසුම් කරමින් පමණක් සිටින බවට තොරතුරු වාර්තා වේ.
‘ස්පයිඩර් මෑන්’ චිත්රපට මාලාවේ මිළඟ චිත්රපටය ලබන වසරේ නොවැම්බර් 05 වැනිදා ප්රදර්ශනය කිරීමට නියමිතව ඇත. මෙම චිත්රපටය මීට පෙර ප්රදර්ශනය කිරීමට දින නියම වී තිබුණේ ලබන වසරේ ජූලි 15 වැනිදාය. කෙසේ වෙතත්, ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන් මෙය කල් දැමු බව ‘මාවල්’ චිත්රපට සමාගම පවසා තිබේ.