මිස්ටර් බීන්ගේ ක්‍රියාන්විතයට එක් වූ නිළි දෙපළ
දක්ෂ රංගන ශිල්පියෙකු වන රෝවන් ඇට්කින්සන් බොහෝ ජනප්‍රියත්වයට පත්වූයේ ‘මිස්ටර් බීන්’ චරිතය ඔස්සේය. ඔහුගේ මෙම හාස්‍යජනක රංගනය බොහෝ දෙනාගේ ජනාදරයට පත්වූ අතර, ‘මිස්ටර් බීන්’ චරිතය ඔස්සේ ඔහු විශාල ප්‍රසිද්ධියක් ලැබීය. රූපවාහිනී නිර්මාණ ඔස්සේ ක්ෂේත්රයට පිවිසීමට වරම් හිමි වූ රෝවන්, 1979 දී ටෙලි නිර්මාණ ඔස්සේ රංගනයට පිවිසිණි. 1989 වසර වන විට රූපවාහිනී කතාමාලා 14ක් සඳහා ඔහු දායක වී තිබේ.
1990 වසරේ සිට 1995 වසර දක්වා ඔහුට විශාල ජනප්‍රියත්වයක් හිමි වනුයේ, ඔහුගේ ‘මිස්ටර් බීන්’ කතාංගය සඳහාය. ඒ වන විටත් ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට තිරගත වුවත්, එතරම් ජනප්‍රියත්වයක් හිමි නොවීය. 1990 සිට 1995 වසර දක්වා කතාමාලාවක් ලෙස විකාශය වූ ‘මිස්ටර් බීන්’ චිත්‍රපටයක් ලෙස 1997 නිර්මාණය විය. ‘බීන්’ චිත්‍රපටයෙන් පසුව ඔහු චිත්‍රපට ක්ෂේත්රය තුළද කැපීපෙනෙන රංගන ශිල්පියෙකු ලෙස හැඳින්විය. ඔහු හාස්‍ය නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වුවද, ‘මිස්ටර් බීන්’ චරිතයට මෙන්ම ඔහු ‘ජොනී ඉන්ග්ලිෂ්’ යන චරිතය ඔස්සේද ප්‍රසිද්ධ චරිතයක් බවට පත් විය. ඔහු ක්‍රියාන්විත රංගන ශිල්පියෙකු ලෙස රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක් එළිදැක්විණි. ඒ ‘ජොනී ඉන්ග්ලිෂ්’ නම් චිත්‍රපට මාලාවයි. 2003 වසරේ තිරගත වූ එම චිත්‍රපටයේ තෙවැන්න මෙම මස එළිදැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 2003 වසරේදී ආරම්භ වූ මෙම චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටය තිරගත වූයේ, 2011 වසරේදීය. ආදායම් වාර්තා තැබූ චිත්‍රපට මාලාවේ තෙවැන්න මෙම මස 20 වැනිදා එළිදැක්වීමට නියමිතය. ‘ජොනී ඉන්ග්ලිෂ් ස්ට්‍රයික්ස් එගේයින්’ චිත්‍රපටයේ රෝවන් සමග ප්‍රධාන නිළියෝ දෙදෙනෙක් රංගනයෙන් දායක වෙති. ඒ ඔල්ගා කුරිලෙන්කෝ සහ මිරැන්ඩා හෙනිසි යන රංගන ශිල්පීන් දෙදෙනාය. පළමු සහ දෙවැනි චිත්‍රපටයේ මොවුන් දෙදෙනා රංගනයෙන් දායක නොවූ අතර, මෙම චිත්‍රපට සඳහා නවක චරිත දෙකක් ඔස්සේ ඔවුහු රංගනයෙන් දායක වෙති.
ඔල්ගා කුරිලෙන්කෝ රංගන ක්ෂේත්රය තුළ කැපීපෙනෙන චරිතයකි. සම්මානලාභී නිළියක් වන ඇය ක්ෂේත්රයට පිවිසියේ 2001 වසරේදී තිරගත වූ ‘ලාර්ගෝ වින්ච්’ චිත්‍රපටයත් සමගිනි. සරාගී රංගන ශිල්පිනියක ලෙස ප්‍රසිද්ධියට පත් ඇය නැවත සිනමා නිර්මාණයක් ඔස්සේ දැක බලා ගැනීමට අවස්ථාව උදා වන්නේ 2005 වසරේදීය. 2006 වසරේදී චිත්‍රපටය තුනක් සඳහා රංගනයෙන් දායක වූ ඇය, 2007 වසරේ තිරගත වූ ‘හිට් මෑන්’ චිත්‍රපටයේ රංගනය හේතුවෙන් කතාබහට ලක්විය. රංගන ශිල්පිනියක ලෙස අතිසාර්ථක ලෙස ඇය ක්ෂේත්රය තුළ රැඳී සිටියි. 2005 වසරේදී ඇය ‘Brooklyn international film festival’හිදී හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමට ඇය සමත් විය. එමෙන්ම 2012 වසරේදී ‘Boston Society of Film Critics Award’හිදී හොඳම චරිතයට හිමි සම්මානයද ඇයට හිමි විය.
‘ජොනී ඉන්ග්ලිෂ්’ තෙවැනි චිත්‍රපටයේ රංගනයෙන් දායක වන මිරැන්ඩා හෙනිසි රුසියානු කුමාරිකාවක ලෙස හඳුන්වයි. රජ පෙළපතකින් පැවැත එන ඇය රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටයද මෙය වෙයි. 2014 වසරේදී ඇය ආරාධිත රංගන ශිල්පිනියක ලෙස ‘බීබීසී’ නාළිකාවේ විකාශය වූ ‘සිබ්ලින්ස්’ රූපවාහිනි කතාමාලවට රංගනයෙන් දායක වූවාය. ඉන් පසු 2015 දී විකාශය වූ ‘හොෆ් ද රෙකෝර්ඩ්’ රූපවාහිනී කතාමාලාවටද ඇය රංගනයෙන් දායක විය. ඇය 2018 වසරේදී විකාශය වූ ‘ඉන්සයිඩ් නො. 09’ යන රූපවාහිනී කතාමාලවට දායක වූ අතර, ඇයගේ පළමු චිත්‍රපටය වන්නේ ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘ජොනී ඉන්ග්ලිෂ්’ චිත්‍රපටයයි. රජ පෙළපතක් ඇති ඇය කුඩා කාලයේදී සැඟව ජීවත් වූ තැනැත්තියක බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එයට හේතු වන්නේ ඇයගේ දෙමවුපියන්ගේ මරණයයි. ඇයගේ දෙමවුපියන්ව ඝාතනය කර තිබෙන අතර, එම සිදුවීමෙන් පසුව ඇය සිය පවුලෙන් පලාගොස් ඇත. ඇය ඉන් පසු සයිබීරියානු මුඩුබිමක ජීවත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. රංගන ශිල්පිනියකට වඩා ඇයව බොහෝ දෙනා හඳුන්වනුයේ ලේඛිකාවක ලෙසය. මේ වන විට මෙවැනි කාරණා ඉස්මතු වන්නේ ‘ජොනී ඉන්ග්ලිෂ්’ චිත්‍රපට හේතුවෙනි. මෙම වසරේ එළිදැක්වූ චිත්‍රපට අතරින් ආදායම් ලැබූ චිත්‍රපට අතරට රෝවන්ගේ මෙම චිත්‍රපටයත් එකතු වීමට නියමිත බව චිත්‍රපට විචාරකයන්ගේ අදහසයි.
Dilan Chryshantha