මිස්ටර් බීන් දික්කසාදය වෙනුවෙන් පවුම් මිලියන 10ක් වන්දි ගෙවයි
මිස්ටර් බීන් චරිතය ඔස්සේ ජනාදරයට පත් රෝවන් ඇට්කින්ස්ටන් වසර 24ක සිය පළමු විවාහයට සමුදී තිබෙන්නේ 2015 වසරේදීය. ඉන්පසු ඔහු නැවතත් ඔහුට වඩා අවුරුදු 30ක් පමණ ළාබාල නිළියක් හා විවාහ වී නැවතත් පිය පදවිය ලබා තිබෙන්නේ පසුගිය දෙසැම්බර් මාසයේදීය. මේ කාරණා පසෙකලා මිස්ටර් බීන්ගේ පළමු විවාහයේ දික්කසාදය පිළිබඳව නැවත විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු එම දික්කසාදය වෙනුවෙන් පළමු බිරිය හා දරු දෙදෙනාට සුවිශාල මන්දිරයක් ඇතුළුව පවුම් මිලියන 10ක මුදලක් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පවුම් මිලියන 100ක පමණ වත්කම් ඇති නළුවෙකු ලෙස හඳුන්වන මිස්ටර් බීන්ට මෙම වන්දිය ගෙවීමට සිදු වී ඇත්තේ නඩු වාර කිහිපයකින් පසුව බවයි සඳහන් වන්නේ.