මිස්ටර් බීන් පිය පදවියට?
මිස්ටර් බීන් තුන්වැනි වතාවටත් පිය පදවිය ලබන්න සූදානම් වෙනවලු. මේ ආරංචිය විවිධ අන්තර්ජාල පුවත් ඔස්සේ හුවමාරු වීමේදී බොහෝදෙනා සිතා ඇත්තේ මෙය මිස්ටර් බීන්ගේ චරිත නිරූපණයක් බවයි. නමුත් මිස්ටර් බීන්ගේ චරිතයට පණ දෙන රෝවන් ඇටිකින්සන්ගේ දෙවැනි බිරිය මෙලෙස මවක් වීමට යන පුවත සත්‍ය වී තිබේ. මේ වන විට රෝවන් ඇටිකින්සන්ගේ වයස අවුරුදු 62ක් බවයි සඳහන් වෙන්නේ.
රෝවන් මීට පෙර විවාහ කරගෙන සිටියේ සුනේත්‍රා ශාස්ත්‍රි වන අතර, ඇය බීබීසී රූපවාහිනියේ වේෂ නිරූපණ ශිල්පිනියකි. රෝවන් සහ සුනේත්‍රාගේ විවාහ දිවියට වසර 25ක් පිරෙන කාලයේදී මොවුන් දෙදෙනා දික්කසාද වී තිබේ. ඒ 2013 වසරේදීය. එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනකු සිටී. එහි වැඩිමලා (බෙන) ගේ වයස අවුරුදු 25 ක් වන අතර, දියණිය (ලිලී) ගේ වයස අවුරුදු 21කි. තම පියා නැවත වතාවක් පියකු වන්නට යන බව දැනගත් වහාම ලිලී තම වාසගම වෙනස් කරගත් බව සඳහන් වෙයි. එහිදී ඇය ඇටිකින්සන් වෙනුවට ශාස්ත්‍රී ලෙස තම මවගේ වාසගම යොදාගෙන තිබේ. රෝවන් ඇටිකින්සන් දැන් විවාහ වී සිටින්නේ ලුවිස් ෆෝර්ඩ් සමගය. ඇය චැනල් 4 රූපවාහිනියේ නිවේදිකාවකි.