'මිස්ටර් ඉන්දියා' දෙවැන්නට මේ සූදානම
පසුගිය සති අන්තයේදී සෝනම් කපූර් හා ඇයගේ සැමියා වූ ආනන්ද් අහුජා මුම්බායි ගුවන් තොටුපොළේදි දක්නට ලැබුණි. ඒ ඔවුන් දෙදෙනා දිර්ග විදෙස් සංචාරයකින් පසුවය. කෙසේ වෙතත්, සෝනම් මෙහිදි පෙනි සිට ඇත්තේ සිය පියා රංගනයෙන් දායක වූ ‘මිස්ටර් ඉන්දියා’ චිත්රපටයේ ප්රචාරක දැන්වීමක් සහිත ටී ෂර්ටයකිනි.
මේ දිනවල ‘මිස්ටර් ඉන්දියා’ චිත්රපටයේ දෙවැනි කොටස් නිර්මාණය කරන්නට සූදානමක් පවතින බවට රාවයක්ද පැතිරෙන අතර, සෝනම් එය වඩාත් ස්ථිර කිරීමට මෙම ටී ෂර්ටයකින් පෙනි සිටි ඇති බවට තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත්, ‘මිස්ටර් ඉන්දියා’ දෙවැනි චිත්රපටය බොනි කපූර් විසින් නිෂ්පාදනය කරන්නට සූදානමින් සිටින අතර, අනිල් කපූර් සමගින් මෙහි සෝනම් හා සල්මාන්ද එක්වීමට සූදානමින් සිටින බවට තොරතුරු දැන ගැනීමට ලැබේ.