මිෂෙල් ඔබාමාගේ පොතට ඉහළ ඉල්ලුමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-27-ent-97

ඇමෙරිකානු හිටපු ජනපති ආර්යා මිෂෙල් ඔබාමාගේ මතකාවර්ජනයක් ලෙස රචනා කළ Becoming නම් වූ ග්‍රන්ථය මේ වනවිට ඉහළ ඉල්ලුමක් ඇති බව සඳහන් වෙයි. නොවැම්බර් 13 වැනිදා මුල් වරට නිකුත් වූ මෙම කෘතිය මිලදී ගැනීමට බොහෝ දෙනා කටයුතු කර තිබේ. පලමු සතියේ එහි ඩිජිටල් පිටපත් පමණක් ලක්ෂ 14කට අධික ප්‍රමාණයක් අලෙවී තිබේ. ඇමෙරිකාවේ ක්‍රවුන් පබ්ලිෂිං සමාගමේ ප්‍රකාශනයක් ලෙස එළිදකින Becoming කෘතිය, උතුරු ඇමෙරිකානු කලාපය වෙනුවෙන් පිටපත් ලක්ෂ 30ක් නිකුත් කර ඇත. ඉන් 725,000ක් පළමු වැනි දිනයේදීම අලෙවි විය. එය මේ වසරේ පළමු දිනය තුළ වාර්තා තැබූ පොත වීමද විශේෂත්වයකි. මිෂෙල්, චිකාගෝ නුවර සිට වොෂිංටන් නුවර ධවල මන්දිරය දක්වා ආ ගමනේ මතකයන් යළිත් ආවර්ජනය කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.