මිලියන සියයක් නරඹපු ප්‍රචාරක පටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-23-ent-78

‘යු ටියුබ්’ වෙබ් අඩවියෙන් මිලියන 100ක අන්තර්ජාල පාඨකයන් පිරිසක් නරඹපු පළමු බොලිවුඩ් ප්‍රචාරක පටය ලෙස මේ දිනවලතිරගත වෙන ‘ත්ග්ස් ඔෆ් හින්දුස්තානි’ චිත්‍රපටය පත්ව ඇත. ඒ මිලියන 97ක් නරඹා තිබුණ ‘බාහුබලි’ දෙවැන්න (හින්දි බසින් නිර්මාණය වු) අභිභවා යමිනි.

කෙසේ වෙතත්, මේ වනවිට මිලියන 89ක පිරිසක් ෂාරුක් ඛාන්ගේ ‘සීරෝ’ චිත්‍රපටයේ ප්‍රචාරකපටය නරඹා තිබෙන අතර, බොහෝ විට එය ‘තග්ස් ඔෆ් හින්දුස්තානි’ චිත්‍රපටයේ ප්‍රචාරක පටය අභිභවා යනු ඇතැයි සිනමා විචාරකයන්ගේ මතය වී තිබේ. වැඩිම පිරිසක් නරඹපු ප්‍රචාරකපට අතර, ආක්ෂේ හා රාජිණිකාන්ත්ගේ ‘2.0’ චිත්‍රපටය (මිලියන 26ක්), සල්මාන්ගේ ‘රේස්’ චිත්‍රපට (මිලියන 57ක්) රන්බීර්ගේ ‘සංජු’ (මිලියන 67ක්) චිත්‍රපටද තිබේ.