මිලියන ගාණක නිවසක් ගත් නවක නිළිය
"ස්පයිඩර් මෑන් : හෝම් කමින්’ චිත්‍රපටය එළඹෙන ජූලි මාසයේ තිරගත වීමට නියමිතය. මෙහි ප්රචාරක කටයුතු මේ වනවිට අරඹා ඇති හෙයින් මේ පිළිබඳව බොහෝදෙනෙක්ගේ අවධානය යොමු වී තිබේ. ඒ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟන සුරූපී යොවුන් නිළියක් වන සෙන්ඩයා පිළිබඳවයි. එය තරමක නුහුරු නමක් වන්නේ ඇය චිත්‍රපට නිළියක් නොවන හෙයිනි. ඊට අමතරව ඇයගේ නිවසක් පිළිබඳව මේ වන විට විදෙස් වෙබ් අඩවි අවධානය යොමුකර තිබෙයි.
වෘත්තීය නිළියක ලෙස ප්‍රවීණත්වයට පත්වන්නටත් කලින් මේ හුරුබුහුටි දැරිය සුඛෝපභෝගී නිවසක හිමිකාරියක් වී තිබේ. වර්ග අඩි 4,155ක වපසරියක විහිදී ඇති මේ දෙමහල් නිවසෙහි නිදන කාමර 5ක් සහ නාන කාමර 5ක් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි. කුඩා කාලයේදී සුවපහසු ජීවිතයක් ගත නොකළ තමන්, මෙවැනි සුඛෝපභෝගී නිවහනක් පිළිබඳව සිහින මැවූ බවයි සෙන්ද්රයා කියා සිටියේ.ඇගේ මේ අලුත් නිවසෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.4කි. පිහිටා ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවරයි. මේ සුපිරි නිවසෙහි කිරිගරුඬෙන් තැනූ නාන කාමර මෙන්ම සුපිරි නාන තටාක ඇතුළු තවත් අංග රැසක් තිබෙන බවයි හොලිවුඩ් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ. මේ වනවිට ඇය 20 වැනි වියෙහි පසුවන යුවතියකි. වයසින් ළාබාල වුවත් මේ වනවිට ඇය, තම ජීවිතයේ ඉහළ මට්ටමකට පැමිණ සිටී.