මිලින්ද් සෝමන් ජනරජ දිනය සැමරූ අයුරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියාවේ ජනරජ දිනය යෙදී ඇත්තේ ජනවාරි 26 දාටය. එය සැමරීම පිණිස පැවැත්වෙන ආචාර පෙළපාලිය වෙනදා මෙන්ම ගාම්භීර ලෙස පැවැත්වුණත් වසංගත තත්වය හේතුවෙන් එයට මහජනතාව සහභාගි කරවාගෙන තිබුණේ අඩුවෙනි. සහභාගි වූ සියල්ලන්ම සිටියේ මුව ආවරණ පැළඳගෙන මීටරයක පරතරය පවත්වා ගනිමිනි. 
72 වැනි ජනරජ දිනය වෙනුවෙන් බොලිවුඞ් වාසීහු ද අන්තර්ජාලයට බොහෝ පණිවිඩ එක් කළහ. කවදාත් විවාදයට තුඩු දෙන යමක් කරන මිලින්ද් සෝමන් අපූරු පින්තූරයක් සමඟ ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. නිරූපණ වෘත්තියේ සිට නළුවෙකු බවට පත් වූ ඔහු ශාරීරික යෝග්‍යතාව පිළිබඳ නම් දරා සිටින්නෙකි. දිවීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශයයි. වරක් මුහුදු වෙරළක නිරුවතින් දිවීම සම්බන්ධයෙන් දඩයක් කන්නට ද ඔහුට සිදු විණි. 
ජනරජ දිනය වෙනුවෙන් සම්ප්‍රදායික දෝතියකින් සැරසී ඉන්දියානු කොඩිය අත දරාගෙන පාවහන් රහිතව ඉන්දියාවේ වීදියක් දිගේ දිව යන මිලින්ද් ගේ සේයාරුව කාගේත් සිත් තුළ දේශානුරාගයක් ජනිත කළේය. 
“ඉන්දියාව දීප්තිමත් අනාගතයකට රැගෙන යන බලය තියෙන්නේ ජනතාව අතේයි.. ඒ වෙනුවෙන් තමතමන්ගේ සෞඛ්‍යය රැක ගැනීමේ වගකීම ඇත්තේත් තමන් අතේයි.. ඒ වගකීම වෙනුවෙන් අපේ සිරුරුවල පුංචිම පුංචි සෛලය පවා ක්‍රියාකාරී වෙනවා..” 
සේයාරුව සමඟ ඔහු නිකුත් කර තිබූ ප්‍රකාශයේ වූයේ එවන් අදහසකි. 

20210214India-1