මිලින්ද් සහ අංකිතා ගේ ආන්දෝලනාත්මක විවාහය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-01-ent-30

මිලින්ද් සෝමන් සහ අංකිතා කොන්වාර් අතර විවාහ මංගල උත්සවය පැවැත්වුණේ ඔවුන්ගේ ඥාතීන් සහ සමිප මිතුරන් ගේ පමණක් සහභාගිත්වයෙන් අලිබාග්හිදීය. එය චාම් වුවත් අලංකාර උත්සවයක් විණි. ඔවුන් සිය විවාහ උත්සවයේ වර්ණය ලෙස යොදාගෙන තිබුණේ සුදු සහ රන්වන් පාටය.

මිලින්ද් මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයත්, අංකිතා ඇසෑම් ප‍්‍රාන්තයත් නියෝජනය කරන්නන් බැවින් චාරිත‍්‍ර පැවැත්වුණේ ඒ සංස්කෘති දෙකේම සංකලනයක් ලෙසිනි.

1965 උපන් මිලින්ද්ට මේ වන විට වයස අවුරුදු 52 කි. ඔහු නළුවෙකු පමණක් නොව හො`ද කි‍්‍රඩකයෙක් ද වන්නේය. පිහිනුම් තර`ගවලින් මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයට ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණ ලබා දෙන්නට ඔහු සමත් වූයේය. ඔහු ර`ග පෑ චිත‍්‍රපටි අතර ජෝඩි බ්‍රේකර්ස් විශේෂ වන්නේ එය ආදායම් වාර්තා තබමින් තිරගත වූ චිත‍්‍රපටියක් නිසාය. ඔහු නිරූපණ වෘත්තියේ ද නමක් තැබූ අයෙකි.

අංකිතා කොන්වාර් ද කි‍්‍රඩිකාවක් මෙන්ම ගුවන් සේවිකාවක් ද වන්නීය. ඔවුන් දෙදෙනා 2015 දී මැරතන් ධාවන තර`ගයකට ද සහභාගි වී තිබේ. ඔවුන්ගේ සම්බන්ධය ඇරඹුණේ පසු ගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. එය සියලූ දෙනාගේම පුදුමයට මෙන්ම විවේචනයටත් හේතුවක් වූයේ වයස් පරතරය නිසාය. 1991 උපන් අංකිතා සහ 1965 උපන් මිලින්ද් අතර වයස පරතරය අවුරුදු 26 කි. එහෙත් ඔවුන් ගේ විවාහයට වැඩිහිටියන්ගේ ආශීර්වාදය ලැබිණි.

කොහොමටත් මිලින්ද් ආන්දෝලනයට ලක් වෙන තීරණ ගන්නට පසුබට වෙන අයෙකු නොවේ. සපත්තු දැන්වීමක් නිසා ඔහුට නීතිය හමුවට යන්නට සිදු වූයේ එම නිසාය. 1995 දී ඔහු එවකට ඔහුගේ පෙම්වතිය වූ හිටපු ඉන්දියා රූ රැුජිනක වන මධු සපි‍්‍ර සම`ග නිරුවතින් වෙළෙ`ද දැන්වීමකට පෙනී සිටියේය. ටෆ්ස් සපත්තු ස`දහා වූ මේ දැන්වීමේ ඔවුන් සපත්තු පමණක් පැළ`දගෙන, පිඹුරෙකු සිරුරු වටා ඔතාගෙන සිටි අතර සමහරුන් ගේ විස්මයට ද සමහරුන්ගේ අප‍්‍රසාදයට ද එය හේතු වූයේය. ප‍්‍රසිද්ධියේ නිරුවතින් සිටීමේ චෝදනාවට මුම්බායි පොලීසියේ සමාජ සේවා අංශය ඔවුන්ට විරුද්ධව නඩු පැවරූ අතර වනජීවී ආරක්ෂණ පනත යටතේ තවත් නඩුවක් පැවරුණේ පිඹුරෙකු දැන්වීමට යොදා ගැනීමේ වරදටය. ඒ කාලයේ අංකිතා අවුරුදු 4 ක කුඩා දැරියක වූ නිසා ඇයට මේවා දැන ගන්නට ඉඩක් තිබුණේ නැත.