මිලි සයිරස්ගේ විවාහ නතර වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-02-ent-38

කෙතෙරම් සුව පහසු ජීවිතයක් ගත කළත් ඇය අද ගත කරන්නේ කිසියම් පීඩාකාරී මනසකින් යුතුව බවයි හොලිවුඩ්පුරයෙන් ලැබෙන අලුත්ම ආරංචි වාර්තා කරන්නේ. මිලීගේ පෙම්වතා ලියාම් හෙම්ස්වර්ත් මේ දෙදෙනා මෙම මස 04 වැනිදා විවාහ වීමටයි බලාපොරොත්තුව සිටියේ. නමුත්, ඒ විවාහ මංගල්‍යය අවලංගු කළ බවයි හොලිවුඩ් මාධ්‍ය සඳහන් කරනු ලබන්නේ.

එම මාධ්‍ය තොරතුරුවලට අනුව මේ වන විට ලියම් හොම්ස්වර්ත් සිටින්නේ කිසිදු නිශ්චිත තීරණයකට එළැඹීමට නොහැකි වාතාවරණයක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. ඔහු ආතතියකට පත්වී ඇතැයි ද පැවසෙනවා. මීට කලින් මිලීගේ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක තිබුණු බවයි ඇගේ දෙමාපියන් සඳහන් කරන්නේ. ඇය විවාහය ගැන සිහින දකිමින් සිටියාලු. මෙම කාරණාව හේතුවේ මිලි තරමක් කනස්සල්ලෙන් කාලය ගත කරන බවයි ඇගේ දෙමාපියන් සඳහන් කරන්නේ.