මිලාට තුන්වැනි වතාවටත් දියණියක්
‘රෙසිඩන්ට් ඊවල්’ චිත්රපට මාලාව හරහා ලොවපුරා අතිශය ජනප්රිය වූ හොලිවුඩ් සුපිරි සිනමා නිළි මීලා ජොවොවිච්ට පසුගිය පෙබරවාරි 02 වැනිදා යළිත් වරක් දියණියක් ලැබුණ පුවතක් හොලිවුඩයෙන් වාර්තා වේ. ඇය තමාට දියණියක් ලැබුණ පුවත සිය ‘ඉන්ටර්ග්රෑම්ස්’ හරහා ප්රසිද්ධ කර තිබේ. 44 වැනි වියෙහි පසුවන මීලා මේ වනවිට විවාහයන් ත්රිත්වයක් සිදු කරගෙන ඇති නිළියක්ද වෙයි. ඇය මේ වනවිට 54 වැනි වියෙහි පසුවන ජනප්රිය චිත්රපට අධ්යක්ෂවරයෙකු වන පෝල් ඇන්ඩර්සන් සමගින් විවාහ වී සිටියි. ඔහුට දාව උපන් තුන්වැනි දරුවාද මෙය වීම විශේෂත්වයකි.