මිලා කූනිස්ගෙන් අලුත් වැඩක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-07-ent-32

2018 වසරේ අඩක්ම ගෙවී ගියත් හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ නිර්මාණ වූ චිත්‍රපට එළිදැක්වීම ප්‍රවණතාව තව තවත් සීග්‍රයෙන් ඉහල යයි. ඉදිරි මාස කිහිපය තුළ හොලිවුඩ් සිනමා නිර්මාණයන් බොහෝ ප්‍රමාණයක් එළිදැක්වීමට නියමිතව තිබේ. කොපමණ චිත්‍රපට ප්‍රමාණක් ඉතිරිව ඇතිද යන කාරණාවට වඩා දිනකට කොපමණ චිත්‍රපට එළිදැක්වනු ලබන කාරණාව ඉතාමත් වැදගත් වනු ඇත. විදෙස් වෙබ් අඩවි සඳහන් කරන පරිදි හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ අවම වශයෙන් දිනකට හොලිවුඩ් චිත්‍රපට ‍දෙකකවත් එළිදක්වනු ලබයි. ඇතැම් සිනමා නිර්මාණයන් සාර්ථක නොවූනත් එළිදැක්වීමේ කටයුතු ඒ ආකාරයෙන්ම සිදුවනු ලබයි. මෙම තරගකාරීත්වයට ඇතුලත් වෙමින් හොලිවුඩ් සිනමාව ජය ගැනීමට හැකියාව ඇත්තේ චිත්‍රපට සීමිත ප්‍රමාණයකටය. ඒ අතරින් ඇතැම් සිනමා නිර්මාණයන් විශාල ලෙස මූලම්‍ය වාර්තාවලට එකතු වීම පුදුමයට කරුණක් නොවෙයි.2018-06-07-ent-33

අගෝස්තු මාසයේ ඇති චිත්‍රපට එළිදැක්වීම ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇති චිත්‍රපටයක් ලෙස The Spy Who Dumped Me නම් චිත්‍රපටය හැඳින්විය හැකිය. එම චිත්‍රපටය තාස්‍යජනක ක්‍රියාදාම සහ හාස්‍ය කැටි කර ගත් චිත්‍රපටයකි. මෙහි කාන්තා චරිතයක් වටා ගොඩනැගෙන කතා වස්තුවක් ඇති චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන්නේ කාන්තාවකි. හොලිවුඩ් සිනමාවේ පෙරලියක් ඇති කරනු ලැබූ චිත්‍රපට නිළියක් වන මිලා කූනිස් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හැඩ කරනු ලබයි. The Spy Who Dumped Me චිත්‍රපටය අගෝස්තු මාසයේ ලොව පුරා තිරගත වීමට නියමිතව තිබේ. මිලා කූනිස් යනු හොලිවුඩ් සිනමාවේ නිරන්තර වශයෙන් පුවත් මවන්නියක් ලෙස හඳුන්වන තැනැත්තියකි. පසුගිය කාලයේ ඇය පිළිබඳව කතාබහ කෙරුනේ ඇයගේ අමුතු ක්‍රියකලාපයක් හේතුවෙනි. ඒ ඇයගේ ඇඟ සිහින කර ගැනීමට අධික ලෙස දුම්පානයට ඇය පුරුදු වී සිටි බැවිනි. කෙසේ වුවත් හොලිවුඩ් නළු ඇස්ටන් කචර්ගේ බිරිඳ වන මිලා හොලිවුඩ් සිනමාවට තරුවකි.

34 වැනි වියේ පසුවන මිලා සිනමාවට පිවිසෙන්නේ 1996 වසරේදී තිරගත වූ "Santa with Muscles" නම් චිත්‍රපටය ඔස්සේය. රංගන එම චිත්‍රපටය ශස්සේ ආරම්භ වූ අතර, ඇය දෙවැනි වර රංගනයෙන් දායක වන්නේ 1997 වසරේදී තිරගත වූ "Honey, We Shrunk Ourselves" නම් චිත්‍රපටය සඳහායි. 1998 වසරේ තිරගත වූ "Krippendorf's Tribe" සඳහා රංගනයෙන් දායක විය. ඇය නැවත සිනමා නිර්මානයක් සඳහා දායක වන්නේ 2001 වසරේදී තිරගත වූ "Get Over It" නම් චිත්‍රපටයත් සමගයි. 2002 වසරේදී තිරගත වූ ඇමෙරිකන් පිචෝ 2 චිත්‍රපට සඳහා ඇය රංගනයෙන් දායක විය. 2004, 2005 යන වසර වලදී ඇය Tony n' Tina's Wedding සහ Stewie Griffin: The Untold Story යන චිත්‍රපට සඳහා දායක විය. 2007 වසරේදී තිරගත වූ After Sex චිත්‍රපටයෙන් පසුව ඇයව බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ කෙනෙකු විය. 2007 සිට 2011 දක්වා දායක වූ චිත්‍රපට 10න් 6ක්ම වාණිජ නිර්මාණයන් විය.

ඒ අතරින් 2006 තිරගත වූ චිත්‍රපටයක් හේතුවෙන් ඇය හොඳම සහය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ අතර, 2010 වසරේදී Venice Film Festival සම්මාන උලෙලේදී "වසරේ තාරුණ්‍ය නිළිය" ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට ඇයට වාසනවා හිමිවිය. 2012 වසරේදී තිරගත වූ Ted චිත්‍රපට ඇයගේ රංගනයෙ දිවියේ සුවිශේෂි චිත්‍රපටයක් විය. 2013 වසරේ සිට 2015 දක්වා ඇය චිත්‍රපට 07ක් සඳහා රංගනයෙන් දායක විය. මේ අතරින් 2014 වසරේ තිරගත වූ Annie චිත්‍රපටයේදී ඇයට ඇගේ සැමියා වන ඇස්ටන් කචර් සමග රංගනයෙන් දායක වීමට අවස්ථාව උදාවිය.

එතැනින් ආරම්භ වූ මොවුන්ගේ ආදර සම්බන්ධය 2015 වසරේදී විවාහය දක්වා පැමිණියහ. 2016 තිරගත වූ "Bad Moms" චිත්‍රපටය හේතුවෙන් බොහෝ ප්‍රසිද්ධියක් උසුලන ලදී. 2017 දී A Bad Moms Christmas චිත්‍රපටය තුළින් ඇයගේ රංගන හැකියාව ඉස්මතු විය. 2018 දී The Spy Who Dumped Me නම් චිත්‍රපටය ඔස්සේ ඇයගේ රංගන හැකියාවන් දැක බලා ගැනීමට අවස්ථාව උදා වන අතර, 2019 වසරේදීත් ඇයට සිනමා නිර්මාණයක් සඳහා ආරාධනා හිමිව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.