මිය ගිය ශ්රී දේවිට සම්මානයක්
වාර්ෂිකව පවත්වන ඉන්දීය ජාතික සම්මාන උළෙල පසුගිය සති අන්තයේදී පවත්වනු ලැබීය. 65 වැනි වරට පැවති මෙම සම්මාන උළලේදී විශේෂිත සිදුවිම රැසක් සිදුවු අතර, ඉන් මීට සති කිහිපයකට පෙර ජිවන ගමනින් සමුගත් සුපිරි ඉන්දීය සිනමා නිළි ශ්රී දේවීට මෙහිදි සම්මානයක් හිමිවීමය. ඇයට හිමිවූ පළමු ඉන්දීය ජාතික සම්මානයද මෙයයි.
ඒ පසුගිය වසරේ තිරගත වූ ‘මාම්’ චිත්රපටයේ කළ රංගනය උදෙසා ඇයට මෙවර ඉන්දීය ජාතික සම්මාන උළලේදී හොඳම නිළිය ලෙස සම්මානය හිමි විය. ශ්රී දේවි හොඳම නිළිය ලෙස සම්මාන දිනාගනිද්දි හොඳම නළුවා වූයේ ‘නගර්කිතන්’ නම් බෙංගලි චිත්රපටයේ රඟපෑ රිදිහ් සෙන්ටය. හොඳම සංගීත අධ්යක්ෂවරයා ලෙස මෙවර ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවේ ‘මාම්’ චිත්රපටයේ සංගීත අධ්යක්ෂණය කළ ඒ. ආර්. රහූමාන්ය.