මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින ජූහි
90 දශකයේ ඉමහත් ජනප්‍රියත්වයක් දිනගත් සුරූපි නිළියක් වූ ජූහි චව්ලා මේ වනවිට බොලිවුඩ් සිනමාවෙන් තරමක් ඈත්ව සිටියි. අවසන් වතාවට ජූහි රඟපෑ චිත්‍රපටවලද ඇය දකින්නට ලැබුණේ වැඩිහිටි චරිත හරහා වීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, ජූහි සම්බන්ධව මීට දින කිහිපයකට පෙර යළිත් වතාවක් සමාජජාලා තුළ කතා බහක් ඇතිව තිබේ. එනම ඇය 5G තාක්ෂණයට විරුද්ධව නඩු පවරා තිබීම හේතුවෙනි. ඇය පවසන්නේ තාක්ෂණික දියුණුවට තමා තුළ අකමැත්තක් නැති බවත් ඉන් මිනිසාට යම් හානියක් වේ නම් ඊට එරෙහිව කටයුතු කරන්නට තමා පසුබට නොවන බවත්ය.