මිතුන් චක්‍රබෝර්ති කොවිඩ් නීති කඩ කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිතුන් චක්‍රබෝර්තිට කොවිඞ් ආසාදනය වී ඇති බවට පුවතක් පසුගිය දා ක්ෂේත්‍රය පුරාම පැතිර ගියේය. බොහෝ දෙනෙක් ඔහුට සුවය ප්‍රාර්ථනා කරමින් නිකුත් කරන ලද පණිවිඩ ද සමාජ වෙබ් අඩවිවල පළ වූයේය. එහෙත් ඉන් මඳ වේලාවකට පසුව ඔහු නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තමාට කොවිඞ් ආසාදනය වී ඇති බවට පළ වූයේ කටකතාවක් බවත් තමා නිවසට වී තමාගේ ප්‍රියතම කෑම කමින් නිවාඩුව සතුටින් ගත කරන බවය. 
මේ කටකතාව පැතිරුණේ භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නිරත වෙන මිතුන් කොවිඞ් නීති උල්ලංගනය කර ඇති බවට චෝදනාවක් එල්ල වී දින දෙකකට පසුවය. රැස් වීම් නොපවත්වන ලෙසට දැනුම් දී තිබියදීත් ඔහු මැතිවරණ ප්‍රචාරක රැලියක් පවත්වා තිබේ. මේවාට පන්සියයකට අධික ජනකායක් සහභාගි වී ඇති අතර ඔහු හෙලිකොප්ටරයකින් අදාළ ස්ථානයට ළඟා වන විට ඔහු දැකීම සඳහාත් දහස් ගණනක් පැමිණ තිබිණි. ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව බලධාරීන් පවසා තිබේ. 
භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂකයෙකු වෙනුවෙන් ඔහු ප්‍රචාරක රැලියකට සහභාගි වෙන්නට ගිය තවත් දිනකදී ඔහු ඇතුළු පිරිස ගමන් ගත් රථ පේළියට ගල් ප්‍රහාරයක් එල්ල වූ බව ද මාධ්‍ය වෙත වාර්තා විණි. එම ප්‍රහාරයෙන් කිසිවෙකුට හානියක් නොවූවත් මිතුන් ගේ වාහනයේ ඉදිරිපස වීදුරුව කුඩු වී තිබිණි. 
නළුවෙක්, ගායකයෙක්, නිෂ්පාදකයෙක්, තිර රචකයෙක් සමාජ සේවකයෙක්, ව්‍යවසායකයෙක්, රූපවාහිනි වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙක් මෙන්ම හිටපු මන්ත්‍රිවරයෙක් ද වන මිතුන් චිත්‍රපටි 350 කට අධික ප්‍රමාණයක රඟ පෑවේය. හින්දි පමණක් නොව බෙංගාලි, භෝජ්පූරි, දෙමළ. කන්නඩ, තෙළිගු, පංජාබි චිත්‍රපටි මේ අතර ඇත. ඔහු හොඳම නළුවා ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන දෙකක් සහ ජාතික සම්මාන තුනක් ද දිනාගෙන තිබේ. 

20210517Mithun-1



More In Hot Story