මිචෙල් 'ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්' චිත්‍රපට මාලාවට සමුදෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-20-ent-62

"ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන නිළියක වූ මිචෙල් රොඩ්රිගූස් මෙම චිත්‍රපටයෙන් ඉවත් වූයේ ඇයිදැයි බොහෝ දෙනා කරුණු විමසා සිටියහ.

‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපටවලට මින් ඉදිරියට රංගනයෙන් දායක නොවන්නට ඇය ගෙන ඇති තීරණය හේතුවෙන් බොහෝ දෙනා කම්පාවට පත්ව ඇති බව සඳහන් වේ. මේ පිළිබඳව ඇය රසිකයන් අමතා ප්‍රකාශ කර ඇත්තේ, ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපටවලට ‘ගුඩ්බායි’ කීමට තමන් සූදානම් බවයි. “මේ ආදරණීය චිත්‍රපට මාලාවෙන් අයින් වෙන්නයි මම තීරණය කළේ. මේ චිත්‍රපටවල රඟපාන්න අවස්ථාව සලසා දුන් හැමදෙනාටත්, මගේ රසික රසිකාවියන්ටත් මම ස්තුතිවන්ත වෙනවා” මිචෙලි මෙම අදහස සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවට එක්කර තිබිණි.

මිචෙල්ගේ ඉවත්වීම ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපට මාලාවට සඳහා වැදුණු ප්‍රබල පහරක් බව සිනමා විචාරකයන්ගේ අදහසයි. මෙම සුරූපී නිළිය ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපට පහක ප්‍රධාන චරිතයක් නිරූපණය කළාය. කෙසේ වුවත් ඇයගේ ඉවත් වීම පිළිබඳව සාධාරණ හේතුවක් ඇය සඳහන් නොකිරීමත් බොහෝ ගැටලු පැනනැගීමට හේතුවක් වී තිබෙනවා.

 

 2017-07-20-ent-61