මෑත කාලයේ තිරගත වූ චිත්‍රපට ගැන සනී කලකිරීමෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-08-ent-116

දශක තුනකට වඩා වැඩි කාලයක් බොලිවුඩ් සිනමාව තුළ නළුවෙකු නිෂ්පාදකවරයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළ සනි ඩියොල් මැත කාලයේ ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට පිළීබඳව යම් කළකිරිමෙන් පසුවන බව සඳහන් වේ. පසුගිය වසර තුන තුළ බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම ඔහු දකින්නට ලැබුණද ඉන් බොහෝ චිත්‍රපට ප්‍රමාණයක් අසාර්ථක ඒවා බවට පත් විය.

මේ වනවිට ඔහු රාජ්කුමාර් හිරුණි නම් දැවැන්ත සිනමා අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපටයකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබි ඇත. සනි පවසන්නේ ඔහුගේ චිත්‍රපටය තුළින් හෝ ගොඩ යන්නට මඟක් විවර වේ නම් එය සතුටට කාරණයක් වනු ඇති බවය. රාජ්කුමාර් අවසන් වරට නිර්මාණය කළ ‘පීකේ’ හා ‘සංජු’ අති සාර්ථක ඒවා බවට පත් විය.