මැරුණු බව කී ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ නිළිය පණපිටින්
ජේම්ස් බොන්ඩ් සිනමා පටයක් වූ A view to a kill චිත්‍රපටයේ සහ Charlie's හි රඟපෑ ඇමරිකානු රංගන ශිල්පිනි ටානියා රොබර්ට්ස් ජීවතුන් අතර සිටින බව ඇයගේ නියෝජිතයෙකු බීබීසි පුවත් සේවයට පවසා තිබෙනවා.
පසුගියදා ඉරිදා ඇය අභාවප්‍රාප්ත වූ බවට වැරදීමකින් නිවේදනය කර තිබෙනවා.
කෙසේවෙතත් ඇයගේ නියෝජිතයා වන මයික් පින්ගල් පවසා ඇත්තේ ඇය ලොස් ඇන්ජලීස්හි රෝහලක අසාධ්‍ය තත්ත්වයෙන් සිටන බවයි.
ටානියා රොබර්ට් 65වන වියේ පසුවන්නීය.
ඇය පසුගිය දෙසැම්බර් 24වනදා සිය සුනඛ සුරතලුන් සමඟ ඇවිදමින් සිටියදී ඇඳ වැටීමෙන් පසු රෝහල්ගත කෙරෙණි.