මැයි 15 ‘සඩැක්’ දෙවැන්නේ වැඩ ඇරඹෙයි
1991 වසරේ තිරගත වූ ‘සඩැක්’ චිත්‍රපටයේ දෙවැන්නෙහි රූපගත කිරිම් මැයි මස 15 වැනිදා රුපගත කෙරෙන බව එහි අධ්‍යත්ෂක මහේෂ් භාට් මාධ්‍යයට නිශ්චිතව දැනුම්දී තිබේ. ලබන වසරේ මාර්තු 25 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති මෙම චිත්‍රපටයද අධ්‍යක්ෂණය කරනු ලබන්නේ මහේෂ් විසිනි.
‘සඩැක්’ දෙවැන්නේද මුල් චිත්‍රපටයේ රඟපෑ සංජේ දත් හා පූජා භාත් මෙහිද සුපුරුදු පරිදි රංගනයෙන් එක්වෙන අතර, ආදිත්‍ය රෝයි කපූර් හා ආලියා භාට්ද මෙහි රංගනයෙන් එක් වේ. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටයද ඉතා ජනප්‍රිය වනු ඇති බවය.