මැඩෝනාට ළමයි 06යි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-01-ent-131

මලාවි යනු සුපිරි ගායිකා මැඩෝනාට නුහුරු රටක් නොවෙයි.ඒ ඇය නිතරම මලාවි රටේ සංචාරයකරමින්එරටෙහි ජීවත්වන අසරණ ළමයින්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ‘රේසින් මලාවි’ යනුවෙන් ස්වෙච්ඡා සංවිධානයක් පිහිටුවාගෙන සිටින නිසයි.ඇය මේ වනවිට මලාවි ජාතික නිවුන් දරුවන් දෙදෙනෙකු හදා වඩාගෙන සිටින අතර, ඇයට මේ සඳහා මලාවි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසරයද ලබා දී ඇතැයි පැවසෙනවා.මේ දැරියන් දෙදෙනා මෙලොව එළිය දුටු පසු ඔවුන්ගේ මව මියගොස් ඇති අතර, පියා වෙනත් විවාහයක් කරගෙන ඇති බව සඳහන්.

මවුපිය සෙනෙහස අහිමි වූ ඔවුන් මෙතෙක් රැකබලා ගත්තේ අත්තම්මායි. නමුත් ඇයට එම කටයුතු කරගෙන යෑමේ වත්කමක් නැති හෙයින්,මැඩෝනා මේ නිවුන් සොයුරියන් දරුකමට බාරගෙන තිබෙනවා. එයට අදාළව කරුණු පහදා දී ඇති අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ දැනට 58 වැනි වියෙහි පසුවන මැඩෝනා දරුවන් රැක බලාගැනීමට සුදුසු තත්ත්වයක පසුවන බවයි. ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවට තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කර ඇතැයි එහි සඳහන් වෙනවා.එස්තර සහ ස්ටෙලා නම්වූ මේ දැරියන් දෙදෙනාත් සමග මැඩෝනා හදා වඩාගන්නා ළමුන් පිරිස හය දෙනෙක් බවට පත් වෙනවා.