මැඩෝනාට විරුද්ධව රසිකයකු පැවරූ නඩුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-190

සුප්‍රසිද්ධ ගායිකා මැඩෝනාට විරුද්ධව රසිකයකු විසින් නඩු පැවරූ කතාවක් අහන්න ලැබෙනවා. මේ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ මියාමි ප්‍රාන්තයෙන්.ඉදිරි දෙසැම්බර් 17 වන දින රාත්‍රි 8.30ට පැවැත්වීමට නියමිත මැඩෝනාගේ ප්‍රසංගය එදිනම රාත්‍රි 10.30ට ආරම්භ කිරීමට ඇගේ සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.ඒ වන විටත් මේ ප්‍රසංගය නැරඹීමට ටිකට්පත් ත්‍රිත්වයක් ලබා ගත් ප්‍රේක්ෂකයකු මේ හේතුව නිසා දැඩි අපහසුතාවකට පත්වෙලා.ප්‍රසංගය ආරම්භ කිරීමට තීරණය කළ වෙලාවට ඔහුට පැමිණීමට නොහැකි නිසා ඔහු තමන්ට සිදුවන පාඩුව ලෙස ඩොලර් 1024.95ක මුදලක් වෙනවා.මේ මුදල සොයා ගැනීමට ඔහු මේ ටිකට්පත් වෙනත් අයකුට අලෙවි කිරීමට උත්සාහ දැරුවත් ඒක අසාර්ථක වෙලා තියෙන්නේ ප්‍රසංගය ආරම්භක වේලාව නිසයි.

ඔහු ඒ ගැන මැඩෝනා සහ ප්‍රසංග සංවිධායකයන් දැනුවත් කළත් එයට කිසිම ප්‍රතිචාරයක් දක්වලා නෑ.එම නිසා ඔහු මැඩෝනාට විරුද්ධව මියාමි උසාවියේදී නඩුවක් ගොනුකර තියෙනවා. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ ප්‍රසංගයක් සඳහා ටිකට් මිලදී ගැනීමෙන් ප්‍රේක්ෂකයා හා සංවිධායකයන් අතර ගිවිසුමක් ඇති වුණත් සංවිධායක මණ්ඩලය එය ගණන් නොගත් බවයි.මේ නිසා තමා පත් වූ අපහසුතාව හේතුවෙන් නඩු පැවරූ බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ.