මැඩෝනාට අලුත් ආදරයක් ලැබිලා
අමෙරිකානු නිළියක, පොප් ගායිකාවක වන මැඩෝනා පසුගිය කාලයේ ඉතාමත් අපහසු කාලයක් ගත කළ බව පවසයි. ඒ තම පහළොස් හැවිරිදි රොකෝ නම් පුතුගේ අයිතිය ඉල්ලීම වෙනුවෙන්. ගයි රිච් සමග විවාහ දිවියෙන් සමුගත් ඇය ඔවුන්ගේ පුතු තමන් භාරයේ සිටිය යුතු බවට පවසමින් නඩු මඟට පිවිසියාය. කෙසේනමුත් මෙම කාරණාව එම නඩු පිළිබඳව නම් නොවේ. තමන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව කරුණකි. එනම් මැඩෝනා තරුණ පෙමක පැටලී ඇතැයි වාර්තා වේ. 58 හැවිරිදි වියේ පසුවන මැඩෝනා තරුණයකු සමගින් පෙමින් බැඳී සිටින බවට හොලිවුඩයෙන් ආරංචි වේ.
නිව්යෝර්ක් නගරයේදී මේ අලුත් නව යොවුන් හිතවතා සමගින් මැඩෝනා රාත්රී භෝජන සංග්රහයක් භුක්ති විඳිනු බොහෝදෙනා දැක තිබේ. පසුගිය කාලයේ මැඩෝනාගේ සංචාර සඳහාද මෙම තරුණායා දායක වූ බවක් සඳහන් වෙයි. මේ පිළිබඳව අදහස් දැක්වීම ප්රතික්ෂේප කර ඇති අතර, ඒ තමන්ගේ පෞද්ගලික ජීවිතය බවත් ඇය ප්රකාශකර තිබේ. කෙසේනමුත් තමන්ගේ ජීවිතයට නැවත එළියක් ගෙන ඒමට හැකිවූ බව නම් ඇය ප්රකාශ කර තිබේ.