'මැඩම් තුසෙඩ්ක' කෞතුගාරයට යන සනී
නිල් චිත්රපට නිළියක්ව සිටි සනී ලියොන් මේ වනවිට ඉන්දීය සිනමාව තුළ නිළියක් ලෙස ජනප්රියව සිටියි. පසුගියදා ඇය දිල්ලි නගරයේ පිහිටි ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයේ ඉටි රුවක් ලෙස නිර්මාණය කරන්නට එහි බලධාරීන් තීරණය කර තිබේ.
දැනට දිල්ලි නගරයේ පිහිටි ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරය තුළ අමිතාබ් බච්චන්, අනිල් කපූර් හා කරිනා කපූර්ගේ ඉටි පිළිම නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත්, බොහෝ දෙනෙකුට පුදුමය වී ඇත්තේ සිනමාවට සම්බන්ධ වී ඉතා කෙටි කාලයක් තුළදී සනිට මෙවැනි අවස්ථාවක් උදාවී තිබීමය. පසුගිය දෙවසර තුළ සනී ලියොන් රංගනයෙන් දායක වූ සියලු බොලිවුඩ් චිත්රපටද අසාර්ථක ඒවා බවට පත් විය.