'මැඩම් තුසෙඩ්' යන වරූන් ධාවන
මේ දිනවල බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් ලොවපුරා ප්රදර්ශනය වන ‘ජුඩ්වා’ දෙවැනි චිත්රපටයේ ප්රධාන නළුවාගේ චරිතයට පණ පොවන වරූන් ධාවන් ලෝ ප්රකට හොංකොං නගරයේ පිහිටි ‘මැඩම් තුසෙඩ්’ කෞතුකාගාරයේ ඉටි රුවක් ලෙස ඉදිරියේදී නිර්මාණය වීමට නියමිතය.
බොලිවුඩ් තරුවක් මෙසේ ‘මැඩම් තුසෙඩ්’ කෞතුකාගාරයට එක්වෙන 08 වැනි අවස්ථාව වන බව සඳහන් වේ. කෙසේ වෙතත්, හොංකොංහි පිහිටි ‘මැඩම් තුසෙඩ්’ කෞතුකාගාරයට එක්වෙන බොලිවුඩ් සිනමා තරුව ලෙස වරූන් එක් වේ. මීට පෙර එහි අමිතාබ් බච්චන්ගේ ඉටි රුවක් නිර්මාණය වී තිබුණි. නමුත්, මෙහි විශේෂත්වය වන්නේ බොලිවුඩ් තරු අතරේ ළාබලතම සිනමා තරුව ලෙස වරූන් මෙම ‘මැඩම් තුසෙඩ්’ කෞතුකාගාරයට එක් වීමයි. ෂාරුක් ඛාන්, අමිතාබ් බච්චන්, මධුරි ඩික්සිත්, කරීනා කපූර්, සල්මාන් ඛාන්, අයිශ්වර්යා රායි බච්චන්, රිතික් රෝෂන් මීට පෙර ‘මැඩම් තුසෙඩ්’ කෞතුකාගාරයේ ඉටි පිළිම ලෙස නිර්මාණය වී තිබුණි. මේ සියලු ඉටු පිළිම එංගලන්තයේ ලන්ඩන් නගරයේ පිහිටි ‘මැඩම් තුසෙඩ්’ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.