‘මැට්රික්ස්’ සිවුවැන්නට ටෙලි නාට්‍යය නිළියක්
අතිශය ජනප්‍රිය ‘මැට්රික්ස්’ චිත්‍රපට මාලාවේ අලුත්ම නිර්මාණය තවත් නොබෝ දිනකින් රූපගත කරන්නට නියමිත බව සඳහන් වේ. සුපුරුදු පරිදි කෙනු රිවිස් මෙහි ‘නියෝ’ගේ චරිතයට පණ පොවන අතර, අලුත් චරිතයක් හරහා රූපවාහිනි නිළියක්ද එක්වෙන බව වාර්තා වේ.
එසේ එක්වන්නේ ජනප්‍රිය බටහිර ටෙලි නාට්‍යයක් වූ ‘අයන් ෆිස්ට්’ හි ප්‍රධාන නිළි චරිතයට පණ පොවූ ජෙසිකා හෙන්වික්ය. 27 වැනි වියෙහි පසුවන ඇය මීට පෙර හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වීද ඇත.