මාස හයකට පසුව නැවතත් සිය නිවසට එන සනී
‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් මුළු ඉන්දියාවම වසා දැමු මොහොතක සිය දරුවන් හා සැමියාද සමගින් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරය බලා පිටත්ව ගිය ඉන්දීය සිනමා නිළි සනී ලියොන් නැවතත් ඉන්දියාවේ මුම්බායිහි තම නිවසට පැමිණිමට සූදානමින් සිටියි.
ඇය පවසන්නේ මේ වනවිට ඇමෙරිකාවේ සිටිම තම ජීවිතයට අවධානම් ගෙන දෙන බවය. මේ බව සිය මිලියන 21ක් සිටින ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ සටහනක් තබා තිබුණ සනී තමන් නැවතත් මුම්බායි හි සිය නිවසට දරුවන් හා සැමියා සමගින් පැමිණිමට සූදානමක් පවතින බවය.