මාස හතක විවේකයෙන් පසුව ආලියා
‘කොවිඩ් 19’ රෝගය ඉන්දියාව පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් සිය නිවසටම සීමා වී සිටි සුපිරි බොලිවුඩ් සිනමා නිළි ආලියා භාට් මීට දින කිහිපයකට පෙර නැවතත් තම වෘත්තිය කටයුතු ආරම්භ කළ බව නිල වශයෙන් සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා නිවේදනය කොට තිබුණි.
ඉන්දියාවේ මුම්බායි නගරය විවෘත කිරිමත් සමග මුම්බායි ‘සිටි’ කලාගාරයට ගිය ආලියා, චිත්‍රපට අධ්‍යක්ෂක සංජය ලීලා බන්සිලාගේ ‘ගංගුබායි’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්විය. මෙහි පළමු ප්‍රචාරක ඡායාරුප පෙළ ලබන ජනවාරියේදී නිකුත් කිරීමට චිත්‍රපට අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තුවෙන් පසුවන බවද ආලියා සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ වැඩි දුරටත් සඳහන් කර තිබුණි.