මාස තුනක් කතා නොකළ ශී‍්‍ර දේවී හා බොනී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-28-ent-18

ශී‍්‍ර දේවී මේ දිනවල ‘මම්’ චිත‍්‍රපටිය සමඟ දැඩි සේ කාර්යබහුල වී සිටියි. දිගු කාලයක් සිනමාවට සම්බන්ධ නොවී සිටි ඇය සිනමාවට සම්බන්ධ වූ පසුව ඇයට යළිත් චිත‍්‍රපටිවලින් කිසිදු අඩුවක් නොවිණි. වයසට නොයන නිළියන් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ඇයයි.

කෙසේ වෙතත් පසුගිය මාස තුනක කාල සීමාවේ දි ඇය සිය සැමියා වන චිත‍්‍රපට අධ්‍යක්ෂක බොනී කපූර් සම`ග කතා කර නැත. ඇය ඔහු සම`ග කතා නොකරන්නේ ඔවුන් දෙදෙනා අතර කිසියම් විරසකයක් ඇති නිසාදැයි සමහරු සැක කළහ. එහෙත් ඇත්තෙන්ම ඔවුන් දෙදෙනාම ‘මම් ’ චිත‍්‍රපටිය සම`ග කාර්යබහුල වීම ඔවුන්ගේ කතා බහ මග හැරී යාමට හේතු වී තිබේ.

‘‘පසුගිය මාස තුනේදීම සැමියෙක් බිරි`දක් කතා බහ කරන විදියට මට බොනී ජී එක්ක කතා කරන්න බැරි වුණා.. උදේට සෙට් එකේදී බොනීව දැක්කම මම එයාට ගුඞ් මෝර්නින් කියනවා. ?ට වැඩ ඉවර කරලා යද්දී මම එයාට ගුඞ් නයිට් කියනවා. මුලූ මාස තුනේදීම අපි දෙන්නා කතා කළේ ඔය වචන තුන විතරමයි..’’

ඇය පවසයි.