මාවල් ලොක්කා අලුත් ස්ටාර් වෝර්ස් චිත්‍රපටයක් හදන්න සුදානම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-591

චිත්‍රකතා ඇසුරින් නිර්මිත මාවල් සිනමාපට විශාල ප්‍රමාණයක තිරයෙන් පිටුපස සිටින මිනිසා, මාවල් ස්ටුඩියෝ හි සභාපති කෙවින් ෆීජ් අලුත් ස්ටාර් වෝර්ස් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට වැඩ කටයුතු සුදානම් කරන බව ඩිස්නි සමාගමේ ජ්‍යෙෂ්ට විධායක නිළධාරියෙක් හෙළි කර තිබේ.

වෝල්ට් ඩිස්නි සමාගමේ සම-සභාපති ඇලන් හෝන් හොලිවුඩ් රිපෝටර් සඟරාව වෙත පවසා ඇත්තේ කෙවින් ෆීජ්, ලූකස්ෆිල්ම් හි සභාපති කැත්ලින් කෙනඩි සමඟ එක්ව ව්‍යාපෘතියේ කටයුතු මෙහෙයවන බවත් සහ එම නවතම චිත්‍රපටය “ස්ටාර් වෝර්ස් කතාවල නව යුගයක” කොටසක් වනු ඇති බවත් ය.

ලූකස්ෆිල්ම් සහ මාවල් ස්ටුඩියෝ යනු වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝවේ උප සමාගම් ය.

2007 පටන් මාවල් ස්ටුඩියෝ හි සභාපති ලෙස කටයුතු කරන ෆීජ්, “ස්ටාර් වෝස්” කතාවලට දැඩිව ඇලුම් කරන රසිකයෙක් බව ඇලන් හෝන් පවසයි. ඔහුගේ නායකත්වය යටතේ නිර්මාණය කරන ලද මාවල් චිත්‍රපට, ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් බිලියන 22 කට අධික ආදායමක් උපයා තිබේ.