මාලදිවයිනට ගොස් තායි බොක්සිං ඉගෙන ගත් සාන්යා
දින හතක කාලයක් නිවාඩුවක් ගත කිරිම සඳහා සිනමා නිළි සාන්යා මල්හෝත්‍රා මාලදිවයිනට ගොස් ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත්, වාර්තා වන්නේ ඇය මෙම නිවාඩුවේදී වැඩිපුරම අවධානයක් යොමු කර තිබුණේ තායි බොක්සිං ක්‍රීඩාව අධ්‍යයනය කිරිම සඳහා බවය. ඇය මාලදිවයින නගරයේ තායි බොක්සිං ක්‍රීඩාවට සුප්‍රසිද්ධ පාසලකදී මෙසේ තායි බොක්සිං ක්‍රීඩාව වැඩිදුර හදාර ඇත.
ඇය ඉන්දීය ජාතික තායි බොක්සිං උපදේශකවරයෙකු වු ත්‍රිදේව් පාණ්ඩේ සමගින් සිය පුහුණුවිම් කටයුතු නිරන්තරයෙන්ම සිදු කරන බව සඳහන් වෙයි. සාන්යා ඉදිරියේදී ගුණිත් මොන්ගාගේ ‘පැග්ලයිට්’, අභිමාන් දසානිගේ ‘මිනක්ෂි සුන්දරේෂ්වර්’ හා වික්‍රාන්ත් මැසේගේ ‘ලව් මොස්ටල්’ චිත්‍රපට හි රංගනයෙන් දායක වීමට නියමිතව ඇත. මෙම චිත්‍රපට සියල්ලම මේ වසරේදී ප්‍රදර්ශනය කිරිමට නියමිතව ඇත.