මාර්තු මාසයේදී සල්මාන් ඩුබායි යනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-07-ent-17

බොලිවුඩයේ සුපිරි ඛාන් තරුවක් වන සල්මාන් ඛාන් එළැඹෙන මාර්තු මාසයේ දින 21ක කාලයක් ඩුබායිහි රැඳී සිටීමට බලාපොරොත්තු වෙන බව වාර්තා වේ. ඇය මෙසේ ඩුබායිහි රැඳි සිටින්නේ සිය අලුත්ම චිත්‍රපටය වූ ‘ටයිගර් සින්දාහේ’ හි රූපගත කිරිම් කටයුතු සඳහා බව සඳහන් වේ.

‘ටයිගර් සින්දාහේ’ කබීර් ඛාන්ගේ සිනමා නිර්මාණයක් වන අතර, ඔහු අවසන් වරට සල්මාන් ඛාන් යොදා නිර්මාණය කළ ‘බජිරංගි බහිජාන්’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 629කට වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත් විය. පසුගිය වසරේ ඔහු සල්මාන් යොදා තවත් චිත්‍රපටයක් නිර්මාණය කළ අතර, ඒ ටියුබ්ලයිට්’ චිත්‍රපටයයි. මෙය මේ වසරේ ජුනි මාසයේදී ප්‍රදර්ශනය වීමට නියමිතය.

 

2017-02-07-ent-18