මාම් ප‍්‍රදර්ශනය ගෙදරින් ඇරඹෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-13-ent-26

සිය දියණියට සිදුවූ අසාධාරණය වෙනුවෙන් සටන් කරන මවකගේ චරිතය සහිත මාම් චිත‍්‍රපටිය බොනී කපූර්ගේ නිෂ්පාදනයකි. මෙහි ප‍්‍රධාන චරිතය රඟපාන්නේ ඔහුගේ බිරිඳ ශ්‍රීදේවිය. එම නිසාම චිත‍්‍රපටිය ප‍්‍රදර්ශනය කිරීම ගෙදරින්ම අරඹන්නට තීරණය කළාක් මෙන් බොනී කපූර් එහි දර්ශන කිහිපයක් සිය දියණියනට පෙන්වූයේය. ඔවුන් එයට දැක්වූ ප‍්‍රතිචාරය බොනි බලාපොරොත්තු වූවාට වඩා සිය ගුණයකින් ඉහළ වූයේය.

”ජාන්වියි, කුෂීයි චිත‍්‍රපටිය ගැන පුදුමාකාර උනන්දුවකින් හිටියෙ. ඒක ඉස්සර වෙලාම නරඹන්නත් ඒදෙන්නට ඕන වුණා. චිත‍්‍රපටියෙ කොටස් කිහිපයක් සංස්කරණය කරන ගමන්ම මම ඒ දෙන්නට පෙන්නුවේ ඒකයි. ඒ දෙන්නා හුඟාක් සතුටු වුණා. ශ්‍රී කොහොමත් දුවලා දෙන්නාගේ ප‍්‍රතිචාර අගය කරන කෙනෙක්....”

බොනී කපූර් පවසයි.