මාධ්‍යයෙන් වසන් කළ දීපිකාගේ විවාහය
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියත්වයට පත් යුවලක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිංග්ගේ විවාහය පසුගියදා ඉතාමත් චාම් අයුරින් ඉතාලියේ දී පැවැත්වුණි. එම විවාහ දිනයේදී ඔවුන් දෙදෙනාගේ විවාහයේ ඡායාරූප සහ කිසිඳු සිදුවීමක් වාර්තා නොවීම පුදුමයට කරුණක් විය. එයට හේතුවූයේ වූයේ මෙම විවාහ උත්සවය සඳහා මාධ්‍ය වලට අවස්ථාව උදා නොවීමයි. මෙම විවාහයට සීමත නෑදෑ හිතමිතුරන් පැමිණ තිබුණි. එමෙන්ම දීපිකා - රන්වීර් විවාහට මාධ්‍යයට තහනම් වූ අතර, අමුත්තන්ටද ජංගම දුරකථන ගෙන ඒමද තහනම් වූ බව සඳහන් වෙයි. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ සමාජ මාධ්‍ය ඔස්සේ පලවූ ඡායාරූප කිහිපයක් පමණයි ඔවුන්ගේ රසිකයන්ට දැක බලා ගැනීමට හැකියාව ලැබුණේ. කෙසේ වුවත් මේවනවිට ඔවුන් දෙපල නැවත් ඉන්දියාව බලා පැමිණ තිබේ.