මහේෂ් බාබූගේ අලුත්ම එක
පසුගිය වසරේ ඉන්දීය රුපියල් කෝටි 150ක ආදායමක් උපයාගත් ‘ස්පයිඩර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ දමිල සිනමා නළු මහේෂ් බාබූ රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක් පසුගිය අප්‍රේල් 20 වැනිදා තිරගත විය. ඉන්දියාවට සමගාමිව ඇමෙරිකාවේ, ඕස්ට්රේලියාව, නවසීලන්තය, ගල්ෆ්, එක්සත් රාජධානිය, කැනඩාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, සුඩානය, හොංකොං සහ තායිලන්තය යන රටවලද ප්‍රදර්ශනය ඇරඹු මෙම චිත්‍රපටය දින තුනකදී ඉන්දීය රුපියල් කෝටි 180ක ආදායමක් උපයා ගන්නට සමත්වූ බව සඳහන් වේ.
‘භාරත් එනි නෙනූ’ නම් මහේෂ් බාබූ රඟන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ කොරාටලා ශීවාය. මහේෂ් සමගින් කියරා අද්වානි, ප්‍රකාශ් රාජ්, ආර්. සරත් කුමාර් ඇතුළු ප්‍රවිණ නළුනිළියන් පිරිසක් රංගනයෙන් දායක වී ඇත. මෙම චිත්‍රපටය මේ වසරේ මුලදී තිරගත වීමට නියමිතව තිබුණද පසුව නිෂ්පාදකවරයාගේ පෞද්ගලික හේතුවක් මත මෙම චිත්‍රපටය අප්‍රේල් 20 වැනිදා දක්වා තිරගත කරන්නට කල්ගතවූ බව සඳහන් වේ.