මහේෂ් බාබු සුපිරි අධ්යක්ෂවරයෙකු සමග වැඩ කරයි
‘බාහුබලි’ චිත්රපට අධ්යක්ෂණය කළ එස්.එස්. රාජ්මෞලී විසින් නිර්මාණය කරන්නට නියමිත ඔහුගේ තවත් අලුත් චිත්රපටයක වැඩ කරන්නට මහේෂ් බාබු කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත්, මේ වනවිට රාජ්මෞලි ඔහුගේ අලුත්ම චිත්රපටය වූ ‘RRR’ චිත්රපටය සමග කාර්යබහුලව සිටියි.
‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන් මේ වනවිට මෙම චිත්රපටයේද වැඩ කටයුතු තාවකාලිව නවතා දමා තිබෙන අතර, වෛයිරසය පහව ගිය සැණින් නැවතත් මෙහි වැඩ කටයුතු ආරම්භ කරන්නට සූදානම් කර තිබෙන බවට තොරතුරු වාර්තා වේ. දැනට ලැබෙන තොරතුරුවලට අනුව වාර්තා වන්නේ මහේෂ් බාබු සමගින් රාජ්මෞලි නිර්මාණය කරන්නට යන චිත්රපටය 2022 වසරේ ප්රදර්ශනය කිරීමට නියමිතව ඇති බවය.