මහේෂ් බාබු දේශපාලනයට එන කතා බොරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-227

අදද ඉන්දියාවේ කඩවසම් නළුවන් අතර සිටින දකුණු ඉන්දීය සිනමා නළු මහේෂ් බාබු ඉදිරියේදී ඉන්දීය දේශපාලනයට පිවිසිමේ සූදානමක් පවතින බවට පසුගිය කාලයේ නිරන්තරයෙන්ම තොරතුරු වාර්තා විය. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඉන්දීය සිනමාලෝලීන්ගේ ආදරය දිනාගත් මහේෂ් බාබු මෑතකදී එක්වූ සිනමා අතිරේකයක් සමග පවසා තිබුණේ තමාට දේශපාලනයට පිවිසිමේ කිසිදු අදහසක් නොපවතින බවය.

දේශපාලන කතා අලලා නිර්මාණය වුණ චිත්‍රපට කිහිපයකම රඟපෑ මහේෂ් බාබු දේශපානයට සම්බන්ධ කරගැනීමට ඉන් පසුව බොහෝ ඉන්දීය දේශපාලන පක්ෂ උනන්ඳු වු බව සඳහන්ව තිබුණි. ඒ නිසාම මහේෂ් බාබුද දේශපානයට එන බවට කට කතා පැතිරුණි. එම කට කතා බොරු බවක් බව පවසන්නට මහේෂ් මෙම අතිරේකය යොදාගත් බවද වාර්තා වන්නේය.