'මහාභාරතය' සිනමාවට නැගෙයි
ඓතිහාසික කතා පුවතක් වන ‘මහාභාරතය’ චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන්නට මේ වනවිට සූදානමක් පවතින බව දකුණු ඉන්දීය සිනමා පුවත් වාර්තා කර සිටියි. මෙසේ ‘මහාභාරතය’ සිනමා නිර්මාණයක් බවට පත් කරන්නට සූදානම් වන්නේ ලොවපුරා අතිශය ජනප්‍රිය වූ ‘බාහුබලි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රාජ් මෞලී විසිනි.
කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුව වන රාජිණිකාන්ත් සහ ‘දංගල්’ හා ‘පිකේ’ චිත්‍රපට තුළින් ලොවපුරා ජනප්‍රිය වු අමීර් ඛාන් දෙදෙනාය. මොවුන් දෙදෙනාට අමතරව තෙළෙඟු, කන්නඩ හා දමිළ චිත්‍රපට 200කට ආසන්න ප්‍රමාණයක් දැනට රඟපෑ ඇති මෝහන්ලාල්ද මෙහි එන තවත් ප්‍රධාන චරිතයක් සඳහා තෝරා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
දකුණු ඉන්දීය සිනමා පුවත් වාර්තා කරනුයේ, මෙම චිත්‍රපටයේ වැඩකටයුතු ‘බාහුබලී’ චිත්‍රපටයේ දෙවැනි කොටස තිරගත වන අප්‍රේල් 22 වැනිදාට පසුව සිදුකරන්නට කටයුතු කර ඇති බවයි. චිත්‍රපටය එළැඹෙන 2018 වසරේ නොවැම්බර් මාසයේදී තිරගත කිරීමට සූදානම් කර තිබේ.