මවුනි රෝයිට තවත් චිත්‍රපටයක්
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ඉන්දීය ටෙලි නාට්‍යයක් වන ‘ප්‍රේම දඩයම’හි ‘ශිවාන්ය’ හා ‘ශිවංගි’ ලෙස චරිත නිරූපණය කරන මවුනි රෝයිට තවත් බ්ලෝක්බාස්ටර් චිත්‍රපටයක් සඳහා දායක වීමට අවස්ථාවක් ලැබී තිබෙන බව සඳහන් වේ. ඒ අයන් මුඛර්ජි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘Brahmastra’ චිත්‍රපටය සඳහාය.
රන්බීර් කපූර්, අමිතාබ් බච්චන්, ආලියා භාට් රංගනයෙන් දායක වන මෙහි මවුනිට ප්‍රධාන චරිතයක් ලැබි තිබෙන බව සඳහන් වේ. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය තිරගත වීමට සැලසුම් කර ඇත්තේ 2019 වසරේදීය. ඊට පෙර මවුනි රංගනයෙන් දායක වූ ‘ගෝල්ඩ්’ චිත්‍රපටය එළැඹෙන 2018 වසරේදී තිරගත වීමට නියමිතය. ‘ගෝල්ඩ්’ මවුනිගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය වන අතර, එහි ඇය ආක්ෂේ කුමාර් සමගින් රංගනයෙන් දායක වෙයි.