මවගේ අභාවයෙන් අලි ෆසල්ගේ විවාහය යළි කල් යයි
අප්‍රේල් මස 20 වැනිදා විවාහ වීමට සූදානමින් සිටි බොලිවුඩ් නළුනිළි යුවළක් වූ අලී ෆසල් හා රිචා චඩ්ඩා දෙදෙනාගේ විවාහය තව දුරටත් දින නියමයක් නොමැතිව කල්ගතව ඇත. ‘කොවිඩ් 19’ වසංගතය ඉන්දියාව පුරා ව්‍යාප්ත වීමත් සමග සිය විවාහය කල් දැමූ අලි හා රිචා දෙදෙනා නැවතත් මැයි මස අගදී සිය විවාහය පැවැත්වීමට සැළසුම් කර තිබුණි.
කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර (ජුනි 17 වැනිදා) අලී ෆසල්ගේ මව හදිසියේම මියයාම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ විවාහය යළිත් වරක් කල්ගතව ඇත.. ෆසල් මෙන්ම සිය පෙම්වතිය වූ රිචාද මේ වනවිට සිය මවගේ ශෝකය සිය ‘ටිවිටර්’ ගිණුම් හරහා ප්‍රසිද්ධ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.