මලේයිකා, පෙම්වතා සමග ගෝවා යයි
සල්මාන් ඛාන්ගේ බාල සහෝදරයා වූ ආර්බාස් ඛාන්ගේ හිටපු බිරිඳ වූ මලෙයිකා ආරෝරා ඛාන් මේ වනවිට ජනප්රිය යොවුන් සිනමා නළු අර්ජූන් කපූර්ගේ පෙම්වතිය බවට පත්ව සිටියි. ඔවුන් දෙදෙනා මේ දිනවල ඉන්දියාවේ ගෝවා නගරයට පැමිණ සිටින අතර, ඒ නිවාඩුවක් ගත කිරිම සඳහාය.
මලේයිකා සමග ඔහුගේ නැඟණියද, අර්ජූන් කපූර් සමගින් ඔහුගේ ඥාතින් කිහිප දෙනෙකුද මෙම නිවාඩුව සඳහා පැමිණ ඇත. සල්මාන්ගේ නිවසේ තිබු උපන්දින සාදය නිමාවීමෙන් පසුව ඔවුන් සියලු දෙනා මෙසේ ගෝවා නගරයට පැමිණ තිබෙන බව සඳහන් වෙයි.