මලෙයිකාගේ නිවසත් මුදා තබයි
මේ වනවිට වැඩි වශයෙන් ‘කොවිඩ් 19’ ආසාධිතයන් හමුවන නගරයක් බවට ඉන්දියාවේ මුම්බායි නගරය පත්ව ඇත. මීට දින කිහිපයකට පෙර බොලිවුඩ් සිනමා නිළි මලෙයිකා ආරෝරා ඛාන් (වර්තමානයේ අර්ජූන් කපූර්ගේ පෙම්වතිය) පදිංචිව සිටි මුම්බායි නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලද මේ වනවිට මුද්‍රා .තබා තිබේ.
එයට හේතුව නම් එම මහල් නිවාසයේ ‘කොවිඩ් 19’ අසාධිතයෙකු සිටිම හේතුවෙනි. ඒ අනුව මලෙයිකා හා ඇයගේ පුත් අර්හාන් ඛාන් (සල්මාන් සොහොයුරු අර්බාස් ඛාන්ගේ පුත්) මේ වනවිට එම මුද්‍රා තැබි මහල් නිවාස ගොඩනැගිල්ල තුළ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.