‘මලාන්ග්’ චිත්‍රපටය මැද පෙරදිග ප්‍රදර්ශනයට
මේ වසරේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ප්‍රදර්ශනය වන පළමු බොලිවුඩ් චිත්‍රපටය බවට ආදිත්‍ය රෝයි හා ඩිෂා පටානි රංගනයෙන් දායක වන ‘මලාන්ග්’ චිත්‍රපටය පත්ව ඇත. පස්‍රගිය පෙබරවාරි 07 වැනිදා ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය මේ වනවිට සැළකිය හැකි ආදායමක් උපයා ගන්නට අසමත්ව ඇත.
ඉන්දීය රුපියල් කෝටි 21කින් තැනුණ මෙම චිත්‍රපටය තවමත් උපයාගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 7කටත් වඩා අඩු මුදලකි. මෙහි ඩිෂා හා ආදිත්‍යයට අමතරව අනිල් කපූර්, ඇලි අවුරාම්, කුනාල් කේමු වැනි නළුනිළියන්ද රංගනයෙන් දායක වී තිබේ.