'මරදාණි' චිත්‍රපටයේ දෙවැන්නක්
2014 වසරේදී ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කළ ‘මරදාණි’ චිත්‍රපටයේ දෙවැනි කොටසක් මේ වනවිට නිර්මාණය කරමින් සිටින බව වාර්තා වේ. ආදිත්‍ය චොප්රාගේ බිරිඳ වන රාණි මුඛර්ජි ‘මරදාණි’ පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ අතර, දෙවැන්නේද ඇය එහි ප්‍රධාන චරිතයට තෝරා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
2014 වසරේ තිරගත වු ‘මරදාණි’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 21ක් වියදම් කරමින් තැනුණ අතර, එය ඉන්දීය රුපියල් කෝටි 56.7ක ආදායමක් උපයාගන්නට සමත් විය. පාසල් යන කුඩා ගැහැණු ළමයින් පැහැර ගෙන ගොස් ගණිකා ජාවරමේ නියැළෙන කතා පුවතක් ‘මරදාණි’ පළමු චිත්‍රපටයේ කතා පුවත වි තිබුණි.