මයිකල් ජැක්සන්ගේ නංගි දික්කසාද වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-12-ent-145

පොප් ගී ලොව කිරුළ පැලඳි ගායක මයිකල් ජැක්සන්ගේ සොයුරිය, සුපිරි ගායිකා ජැනට් ජැක්සන්ගේ විවාහ දිවිය දෙදරා ඇති බව පැවසුවේ මේ වසරේ මුල් භාගයේදීයි. විසාම් අල්මානා සහ ජැනට් යුවළගේ පළමු දරුවා ලැබුණාටත් පසුව මෙවැන්නක් සිදුවීම බොහෝදෙනකුගේ කනස්සල්ලට හේතු වීම පුදුමයක් නොවේ. ජැනට් ජැක්සන්ගේ සැමියා වන විසාම්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බවයි සඳහන් වන්නේ. ජැනට්, ඔහුගෙන් වෙන්වුණේ ඇයිදැයි රසික පිරිස සහ ඔවුන් දෙදෙනාගේ හිතවතුන් සහ හිතවතියන් විමසිලිමත් විය. මේ සඳහා බලපෑම් වී ඇත්තේ මොවුන් දෙදෙනාගේ ආගම් අතර තිබුණු වෙනසයි. මේ හේතුවෙන් ඇය ගැබිනියක සිටි කාලයේදී පවා ඔහුගේ තීරණයන් ඇයට බලපෑ බවත් සඳහන් වේ. කෙසේවුවත් ඇයගේ දික්කසාදය පසුගිය සැප්තැම්බර් මාසයේ සිදුවූ බවයි සඳහන් වන්නේ.